― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsබසයේ වැටී තිබූ මුදල් සහිත පසුම්බියක් කොන්දොස්තරගෙන් යළි හිමිකරුට

බසයේ වැටී තිබූ මුදල් සහිත පසුම්බියක් කොන්දොස්තරගෙන් යළි හිමිකරුට

කොළඹ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක වැටී තිබු රුපියල් 40000ක මුදලක් සහිත මුදල් පසුම්බියක් එහි හිමිකරුට ලබාදීමට එම පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා කටයුතු කර තිබෙනවා.

ඊයේ (04) පස්වරු 3.30ට පමණ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කල බස් රථයට හැටන් දක්වා පැමිණීමට මගීන් 13දෙනෙකු එකවර පැමිණි අතර එලෙස පැමිණි පිරිසගෙන් අයෙකු ආසන වෙන් කරදෙන ලෙස ඉල්ලීමක් කර තිබූ බවයි කොන්දොස්තරවරයා කියාසිටියේ.

පැමිණි සියළු දෙනාට ආසන වෙන් කිරීමට නොහැකි වීම හේතුවෙන් ආසන වෙන් කරදෙන ලෙසට තමන්ගෙන් ඉල්ලීමක් කළ මගියාට බස් රථයේ එන්ජිම මත වාඩිවී පැමිණෙන ලෙස පැවසූ බව ද කොන්දොස්තරවරයා සඳහන් කළා.

එලෙස පැමිණි තරුණයා වටවල නගරයෙන් බැසගොස් මද වේලාවකට පසු ඇමතුමක් ලබා දී මුදල් පසුම්බිය බසයේ වැටී ඇත්ද යන්න සොයා බලන ලෙස කළ ඉල්ලීමක් මත බස් රථයේ එන්ජිම මත තිබු ගමන් මළු ඉවත් කර පරීක්ෂා කිරීමේදී මුදල් පසුම්බිය හමු වී තිබෙනවා.

අස්ථානගත වී තිබූ මුදල් පසුම්බිය නැවත ලබාදීම සම්බන්ධයෙන් එම තරුණයා කියාසිටියේ තමන් කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට නිවාඩු ලබා නිවසට පැමිණෙන අතරතුර තම මුදල් පසුම්බිය අස්ථානගත වූ බවයි.

එම මුදල් පසුම්බිය තුල රුපියල් 40000 මුදලක්, ජාතික හැදුනුම්පත, බැංකු කාඩ්පත තිබූ අතර එය නැවත තමන්ට ලබාදුන් කොන්දොස්තරවරයාට ස්තුතිය පුද කරන බව ද ඔහු සඳහන් කළා.