― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවිපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 20 වනදාට පෙර පැවැත්වීමට දිනයක් නියම කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකරමින් ඔවුන් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් දන්වා ඇත්තේ ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ නියෝජිතයින් අඟහරුවාදා (07) දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් හමුවීමට පැමිණෙන බවයි.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ජාතික ජනබලවේගයේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඇතුළු දමිළ පක්ෂවල නියෝජිතයින් අත්සන් කර තිබෙනවා.

මේ අතර ජාතික ජනබලවේගය ද මැතිවරණ කොමිෂන් සභාව වෙත වෙනම ලිපියක් යොමුකරමින් මැතිවරණය පැවැත්වීම සඳහා හැකි ඉක්මනින් දිනයක් නියම කරන ලෙස දන්වා සිටියා.