32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාන් මිල රුපියල් 100 දක්වා අඩු වෙයි?

පාන් මිල රුපියල් 100 දක්වා අඩු වෙයි?

අවම වශයෙන් පාන් ගෙඩියක මිල රුපියල් 100ක් දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පවසයි.

පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කරනවා මිස තවදුරටත් වැඩි කිරීමට සූදානමක් නැති බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම මේ සඳහා රජයේ සහාය බලාපොරොත්තු වන බව පැවසූ සභාපතිවයා වැඩිදුරටත් කියා සිටියේ දැනට අඩාල වී ඇති බේකරි කර්මාන්තය යථා තත්ත්වයට පත්කළ හැක්කේ ද පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කළහොත් පමණක් බවයි.