30.6 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ කොටුවේ ආරක්ෂාව තර කෙරේ

කොළඹ කොටුවේ ආරක්ෂාව තර කෙරේ

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) දිනයේ කොළඹ නගරයේ විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

මෙම විරෝධතාව මර්දනය කිරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ ඒ අවට ප්‍රදේශවලට පොලිස් සහ හමුදා නිලධාරී මේ වනවිට යොදවා ඇති බවයි දැක ගන්නට ලැබුණේ. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතාව සංවිධානය කර ඇති අතර මෙම විරෝධතාව වෙනුවෙන් දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අද කොළඹට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් අද (07) පැවැත්වීමට නියමිත මෙම විරෝධතාවට අදාළව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අධිකරණ නියෝගයක් නිකුත් කිරීමට ද කටයුතු කළා. විරෝධතාවට එක්වන පුද්ගලයින්ට අද පෙරවරු 11.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළුවීමෙන් වළකින ලෙස අදාළ නියෝගයේ සඳහන්.