27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහයිබ්‍රිඩ් සුද්දා සමඟ සබඳතා පැවැත්වූ නිළිය කවුද?

හයිබ්‍රිඩ් සුද්දා සමඟ සබඳතා පැවැත්වූ නිළිය කවුද?

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සමීප සම්බන්ධකම් පැවැත්වූ බව කියන මෙරට ප්‍රසිද්ධ නිළියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි කැඳවීමක් කර ඇති බව වාර්තා වෙයි.

ඒ සමීර රසාංග ගුණසේකර නොහොත් හයිබ්‍රිඩ් සුද්දා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව කියන සැකකරු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් ඇයට මිලදීගෙන දුන් නිවසක් සම්බන්ධ විමර්ශනය කිරීම සඳහායි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ඇයට මෙම කැඳවීම පසුගිය සිකුරාදා (03) කර ඇතත් අදාළ නිළිය එදින එහි නොපැමිණීම නිසා යළිත් මෙම සතියේ පැමිණෙන ලෙස දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇයට දකුණු පළාතේ නිවසක් හා පිළියන්දල ප්‍රදේශ​යේ නිවසක් ඇති බවයි.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරේ බ්ලුමැන්ඩල්හිදී පෙළපාළියකට වෙඩි තැබීමේ සිද්ධියකට හයිබ්‍රිඩ් සුද්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම සමඟ දකුණු පළාතේ නිවසක සිටියදීය.