― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

මහ බැංකුවට පරිපාලනමය සහ මූල්‍ය ස්වාධීනත්වය ලබාදීම සඳහා වූ ‘ශ්‍රී ලංකා මහ බැංකු’ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ වැඩ බලන සන්නිවේදන අධක්‍ෂ ජනකාන්ත සිල්වා මහතා පවසන්නේ සභානායක සහ අමාත්‍ය ගරු.(ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඉදිරිපත්කළ මෙම පනත් කෙටුම් පත තුළ මූල්‍ය හා පරිපාලන ස්වාධීනත්වය ලබා දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම සහ දැනට මහ බැංකුව විසින් ස්ථාපිත කර ඇති මුදල් නීති පනත ඉවත් කිරීම ඇතුළු අනුබද්ධ කරුණු ඇතුළත් බවයි.

නව පනත් කෙටුම්පතට අනුව, මහ බැංකුවේ ස්වාධිපත්‍යයට සෑම විටම ගරු කළ යුතු අතර, මහ බැංකු අධිපතිවරයාට හෝ පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින්ට හෝ මධ්‍යම සේවකයින්ට කිසිදු පුද්ගලයෙකු හෝ ආයතනයක් කිසිදු බලපෑමක් සිදු නොකළ යුතුයි .

එපමනක් නොව, දේශීය මිල ස්ථායීතාවය සාක්ෂාත් කර ගැනීම සහ පවත්වා ගැනීම මහ බැංකුවේ මූලික අරමුණ විය යුතු බව ද පනත් කෙටුම්පතේ සඳහන් වේ.

ඊට අමතරව මහ බැංකුවේ පරිපාලනය සහ කටයුතු කළමනාකරණය කිරීම සහ මුදල් ප්‍රතිපත්තිය හැර මහ බැංකුවේ සාමාන්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා ‘අධිපති මණ්ඩලයක්’ පිහිටුවන අතර එහි සභාපතිවරයා මහ බැංකු අධිපතිවරයා වන අතර විශේෂඥ දැනුම ඇති සාමාජිකයින් හය දෙනෙකු ඊට පත් කරනු ලැබේ.