― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමැරුණු සීයා හීනෙන් පෙන්වූ මැණික් මුට්ටිය ගන්න ගිය මුණුපුරාට වැඩ වරදී

මැරුණු සීයා හීනෙන් පෙන්වූ මැණික් මුට්ටිය ගන්න ගිය මුණුපුරාට වැඩ වරදී

සීයා හිනෙන් කියු මැණික් මුට්ටියක් ගැනිමට හතරවටේ බිත්ති බැඳ ඒ තුල වලක් හාරා නිදන් සෙවු පුද්ගලයකු අත්අඩංගුවට ගැනිමට මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකයේ නිළධාරිහු පිරිසක් සමත්වුණා.

බුත්තල කරවිල කනත්ත ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු නිවසට යාබදව කාමරයක් මෙන් බිත්ති බැඳ එහි අඩි හයක පමණ ගැඹුරට වළක් හාරා ඇති අතර කිසිවකුටත් නෙපෙනෙන ලෙස මෙම වල ලෑලි අතුරා වසා දමා තිබි ඇත .

කොළඹ පුරාවිද්‍යා අධ්‍යක්ෂ කාර්යාලයට ලැබුනු දුරකථන ඇමතුමක් අනුව මෙම ස්ථානය පරික්ෂාවට ලක් කරන මෙම ඒකකයට තොරතුර ලබාදි ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වු නිළධාරින් නිවස ආශ්‍රිතව සිදුකළ පරික්ෂාවකදි මෙම කාමරය තුළ වසා දමා තිබු වළ හමුවී තිබේ පුජා බඩු, පහන් ,වළ හෑරිමට යොදාගත් උපකරණ සොයාගැනීමට ඔවුන් සමත් විය.

සැකකරු බුත්තල පොලිසියට ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්යෙන් වැඩිදුර පරික්ෂණ බුත්තල පොලිසිය සිදුකරයි.