― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාළු කිලෝ 1000ක් මහ මුහුදේදී කොල්ලකයි

මාළු කිලෝ 1000ක් මහ මුහුදේදී කොල්ලකයි

වැලිගම පැලෑන බද්දේවත්ත ධීවර තොටුපොළෙන් මුහුදු ගිය ධීවරයන්ට පහරදී කිලෝ 1000 ක පමණ මාළු තොගයක් මිරිස්ස මුහුදේදී 20 දෙනකුගෙන් යුත් මුහුදු කොල්ලකරුවන් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වැලිගම පොලිසිය කියයි.

පැලෑන මුහුදු තීරයේ සිට සැතපුම් 5-6 ක් පමණ දුරින් නෙළාගන්නා ලද මත්ස්‍ය අස්වැන්න යාත්‍රා දෙකකින් පැමිණි මුහුදු කොල්ලකරුවන් පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

මාළු අස්වැන්න පැහැරගෙන ගොස් ඇත්තේ බද්දේවත්ත ධීවර තොටුපොළෙන් ධීවර කටයුතු සදහා පිටත්වූ ‘ලකීෂාෆ්‘ නැමැති ධීවර යාත්‍රාවේ මත්ස්‍ය අස්වැන්න බව පොලිසිය පැවසුවා.

මිරිස්ස ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරුදු 25 කත් 35 ත් අතර පසුවන්නන් පිරිසක් බවද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ිෂණ මෙහෙයවයි.