― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසැමියාට පහර දී ඔහුගේ සිරුර පිලිස්සූ බිරිඳට අධිකරණයෙන් ලැබුණු තීන්දුව

සැමියාට පහර දී ඔහුගේ සිරුර පිලිස්සූ බිරිඳට අධිකරණයෙන් ලැබුණු තීන්දුව

සැමියාට පහර දි ඔහුගේ සිරුර පිලිස්සීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකාර බිරිඳව සහ ඊට ආධාර අනුබල දුන් දරු දෙදෙනාව රුපියල් 2000 ක් බැගින් වු මුදල් ඇප සහ රුපියල් ලක්ෂයක් බැගින් වු ශරීර ඇප මත මුදා හරින ලෙසට මිනුවන්ගොඩ දිසාවිනිසුරු අද (07) නියම කලා.

මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරුගේ 43 හැවිරිදි සැකකාර බිරිඳ, අවුරුදු 15 ක් සහ 16 ක් වයසැති දියණිය සහ පුතාව මෙසේ දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදා හැරුණා.

පැමිණිලිකරු සහ බිරිඳ අතර නිතර නිතර ආරවුල් ඇති වී ඇති බවත් බිරිඳට අනියම් සම්බන්ධතාවයක් ඇති බවට පැමිණිලිකාර සැමියා තුළ පවතින සැකය එම ආරවුලට හේතුවී ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.

පැමිණිලිකරු සැකකාර බිරිඳ සහ දරු දෙදෙනා සමග එකම නිවසක ජීවත් ව සිටින බවද පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

පැමිණිලිකරු සහ බිරිඳ අතර ආරවුලක් ඇති වී ඇති බවත් එම අවස්ථාවේ බිරිඳ පැමිණිලිකාර සැමියා ගේ සිරුරට ලිපේ තිබූ ගිනි පෙනෙල්ලකින් පහර දි ඇති බව පොලිසිය සඳහන් කළා.

බිම වැටුන එම ගිනි පෙනෙල්ල අහුලාගත් පුතා පැමිණිලිකරු වන පියා ගේ හිසට පහර දි ඇති බවත් එම පහර වැඳීමෙන් පසු පැමිණිලිකරුට සිහි නැති වු බව පැමිණිලිකරු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.

නිවස තුළ බිම ඇද වැටී සිට සිහිය එන විට මුළු සිරුරම පුලුස්සා තිබුණු බව පවසමින් පැමිණිලිකරු පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් කර රෝහල්ගත වී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.

පැමිණිලිකරු කර ඇති පැමිණිල්ල මත විමර්ශන සිදුකර පැමිණිලිකරුගේ බිරිඳ සහ දරු දෙදෙනාව මෙසේ අත්අඩංගුවට ගත් බවත් පරීක්ෂණ මෙතෙක් අවසන් නොමැති බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.

සැකකාරිය සහ සැකකාර දරු දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රියන්ති ලියනාරච්චි මහත්මිය ඉදිරිපත් කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කළා.

සාමයෙන් සිටින ලෙසට සැකකරුවන්ට අවවාද කළ අධිකරණය මැයි මස 31 වැනිදාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ඇප නියම වූ තිදෙනාට නියම කළා.