― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතැපැල් ඡන්ද පත්‍රිකා 21 වැනිදා තැපෑලට

තැපැල් ඡන්ද පත්‍රිකා 21 වැනිදා තැපෑලට

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 21 වනදා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මාර්තු මාසය ඇතුළත තැපැල් ඡන්ද විමසීම සිදුකරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ. මේ අතර පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු මැතිවරණයේ සෙසු මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන්නැයි ඉල්ලා අද (08) දිනයේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරන බව රජයේ මුද්‍රණාලය සඳහන් කළා.

ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිචාරය මත ඡන්ද පත්‍රිකා මුද්‍රණය යළි ආරම්භ කරන බවයි රජයේ මුද්‍රණාලය ප්‍රකාශකර සිටියේ.