26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසැල් සිසුන්ට නීතිය ඉගැන්වීමේ සූදානමක්

පාසැල් සිසුන්ට නීතිය ඉගැන්වීමේ සූදානමක්

මෙරට නීති පද්ධතිය පිළිබඳ දැනුම පාසැල් දරුවන්ටත් ලබා දීමේ වැඩපිළිවලක් ක්‍රියාවට නංවන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

“දැනට වසර 7 – 8ක් තිස්සේ අපි යෝජනා කරලා තියෙනවා රටේ මුලික නීති පද්ධතිය පිළිබඳ අධ්‍යයනය සාමාන්‍ය පෙළ සිසු දරුවන්ට ලබාදෙන්න. අමාත්‍ය මණ්ඩලය ඒ පිළිබඳ තීරණයක් අරගෙන සාමාන්‍ය පෙළ දරුවන්ට කාලපරිච්ඡේද 12ක් නීතිය ඉගෙන ගැනීමට අවස්ථාව සැලසෙන්න ඒ අදාළ අධ්‍යාපන විෂය නිර්දේශ සකස් කරන්න උපදෙස් දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වුණේ 2023 දී ක්‍රියාත්මක කරන්න. මම දන්නේ නෑ හරියටම මේ අවුරුද්දේ ක්‍රියාත්මක වෙනවා ද කියලා. මේ අවුරුද්දේ නැත්නම් ඊළඟ අවුරුද්දේ නිර්දේශවලට අපි බලාපොරොත්තු වෙනවා ඇතුළත් කරන්න. මොකද රටේ හැම පුරවැසියෙකුට ම අවබෝධයක් තියෙන්න ඕනේ රටේ තියෙන මුලික නීතිය සහ තමන්ට තියෙන අයිතිවාසිකම් මොනවා ද ? කියලා. බොහෝදෙනෙක් අපේ රටේ දන්නේ නෑ තමාට තියෙන අයිතිවාසිකම් මොනවා ද කියලා. ඒ නිසා සමහර වෙලාවට දේශපාලඥයෝ රාජ්‍ය නිලධාරීන් අයුතු ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා තමයි අපිට අලුත් නීති රැසක් පනවන්න වෙලා තියෙන්නේ.”