― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකිසිම මන්ත්‍රී ධූරයක් බාරගන්නේ නැහැ - ජනක රත්නායක

කිසිම මන්ත්‍රී ධූරයක් බාරගන්නේ නැහැ – ජනක රත්නායක

තමා කිසිම දේශපාලන පක්ෂයකින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පිළිගන්නේ නැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසීය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දෙන්නේ යැයි විදුලිබල හා බලශක්ති ඇමතිවරයා කළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු දක්වමිනුයි හෙතෙම මේ බව සඳහන් කළේ.

තමන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙන්නේ යැයි ඇමතිවරයා කළ ප්‍රකාශයෙන් ඔහු සාමාන්‍ය ශ්‍රී ලාංකික දේශපාලකයෙක් බවට හොඳම උදාහරණයක් බව ජනක රත්නායක එහිදී අවධාරණය කළේය.

ජනතාව වෙනුවෙන් කිසිඳු යටි අරමුණක් නොමැතිව වැඩ කරන විට දේශපාලඥායන් එය විශ්වාස නොකරන බවත් දේශපාලඥායන් ජනතාව වෙනුවෙන් සත්‍ය වශයෙන්ම සේවය කරන්නේද යන්න තමන් නොදන්නා බවත් හෙතෙම සඳහන් කළේය.