― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලි - මිනිස් ගැටුමෙන් මේ වසරේ අලි 74කට දිවි අහිමි වෙයි

අලි – මිනිස් ගැටුමෙන් මේ වසරේ අලි 74කට දිවි අහිමි වෙයි

අද මාර්තු 9 වෙනිදා,මේ වසරේ තවම මාස තුනක්වත් සම්පුර්ණ වෙලා නැහැ.

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තුමේන්තුව අද නිකුත් කළ නිවේදනයක සඳහන්වෙලා තිබුනේ හද කම්පා කරවන පුවතක්.

ඒ තමයි මේ අවුරුද්දේ මාස තුනක් පිරෙන්නත් කලින් අද වෙනකොට අලි-මිනිස් ගැටුමෙන් පුද්ගලයින් 14 දෙනෙකුටත් අලි ඇතුන් 74කටත් දිවි අහිමි වෙලා.

අනුරාධපුරයේ අලි 18ක්, නැගෙනහිරින් අලි 18ක් වගේම පොළොන්නරුවෙන් අලි මරණ 15ක්. මේ අලි ඇතුන්ගේ මරණ ලැයිස්තුවට ඇතුළත්.

ගෙවීගිය 2022 වසරේදී මිනිස් ජිවිත 145 ක් හා අලි ඇතුන් 433ක් නොවිසිදුණු මේ ගැටලුවෙන් අහිමි වුණා.