― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅරගලකරුවන්ගේ පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කරන්න නීතිපතිට කල් දෙයි

අරගලකරුවන්ගේ පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කරන්න නීතිපතිට කල් දෙයි

පසුගිය 2022 වසරේ මාර්තු මස මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස අසල පැවති උද්ඝෝෂණවලදී පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් අරගලකරුවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා අධිකරණයට දන්වා සිටියේ අදාළ පෙත්සම් පත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් තමා විසින් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව අදාළ විරෝධතා සති හතරක් තුළ ගොනු කළ ලෙස නීතිපතිවරයාට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම නැවත සලකා බැලීම සඳහා ජුලි මස 17 වනදා කැඳවන ලෙස නියම කළා.

විජිත් මළල්ගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි පෙත්සම් සලකා බැලුණේ. පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ ඉකුත් වසරේ මාර්තු 31 වනදා මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල පැවැති උද්ඝෝෂනවලින් පසුව පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගත් බවයි.

පොලිසිය විසින් තමා අත් අඩංගුවට ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරුවන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.