25 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅත්අඩංගුවට ගත් කැලණිය සරසවි සිසුන්ට ඇප

අත්අඩංගුවට ගත් කැලණිය සරසවි සිසුන්ට ඇප

කැලණිය විශ්ව විද්‍යාලයේ පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් සිසුන් 6 දෙනා ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා.

සැකකාර සිසුන් අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග කෙරුණේ එක් අයෙකු රුපියල් 50000 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමටයි.

අත්අඩංගුවට ගෙන සිටින කැලණිය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුලු දෙදෙනෙකු නිදහස් කරන ලෙසට ඉල්ලමින් විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඊයේ රාත්‍රී මෙම විරෝධතාව පැවැත්වුණා.

පසුව එය විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර විරෝධතාව හේතුවෙන් කොළඹ නුවුර මාර්ගයේ ගමනාගමනයට ද බාධා මතුව තිබුණා.