― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදේශ රැකියා ජාවාරමකට සැකපිට ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට

විදේශ රැකියා ජාවාරමකට සැකපිට ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට

තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් ලාඕසයේ අතරමං කිරීමේ ජාවාරමට සැකපිට ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (09) සවස අත්අඩංගුවට ගත් මෙම සැකකරු තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනා එල්ල වී ඇති බවයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය විසින් විමර්ශන කටයුතු සිදුකරමින් සිටි අතර දිගින් දිගටම ඔහු විමර්ශන අංශ මගහරිමින් සිටි බව සඳහන්.

ඔහු අද නීතීඥයෙකු මාර්ගයෙන් කාර්යාංශයේ විමර්ශන අංශය වෙත භාරවී තිබූ අතර ඉන් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තායිලන්තයේ සමාගමක රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මත පුද්ගලයින් ලාඕසයට රැගෙන ගොස් අතරමං කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි ලැබීමෙන් පසුවයි කාර්යාංශය විසින් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කරනු ලැබුවේ.

ඒ අනුව කාර්යාංශයේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට එක් අයෙක් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

මේ සමග ජාතික ජන බලවේගයේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයා අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක කළ අතර ඔහු දිගින් දිගටම විමර්ශන අංශ මගහරිමින් සිටි බව සඳහන්.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ද අද (09) උදෑසන පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූවා.

ඉන් පසුවයි මෙම සැකකරු මෙසේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (10) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.