― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපළාත් පාලන ආයතන සඳහා 25% තරුණ නියෝජනයට අනුමැතිය

පළාත් පාලන ආයතන සඳහා 25% තරුණ නියෝජනයට අනුමැතිය

ප්‍රේම්නාත් සී. දොළවත්ත සහ ඉමිතියාස් බාකීර් මාකර් විසින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරන ලද පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක්, අමාත්‍යාංශ වාර්තා සමඟ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේදී පසුගියදා සලකා බලනු ලැබුවා.

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනුයි පසුගියදා රැස් වූයේ.

ස්ථාවර නියෝග 53(4) ප්‍රකාරව “පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන මන්ත්‍රීවරයාගේ මූලික අභිලාෂයට අනුකූල නොවන කිසි වගන්තියක් පනත් කෙටුම්පතකට ඇතුළත් කරනු ලැබීමට ඉඩ නොදෙනු ලැබිය යුතු ය” යන විධිවිධානයට අනුව පනත් කෙටුම්පත්හි අන්තර්ගතය සලකා බැලීම මෙහිදී සිදු කෙරුණා.

ඒ අනුව ඉමිතියාස් බාකීර් මාකර් විසින් ඉදිරිපත් කර තිබූ (126) පනත් කෙටුම්ප‍තේ තරුණ නියෝජනයක් පිළිබඳව වන බව සලකා බලමින් නැවත කෙටුම්පත් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටි නිලධාරීන් හට උපදෙස් දී තිබෙනවා.

ප්‍රේම්නාත් සී. දොළවත්ත විසින් ඉදිරිපත් කර තිබූ (160) පනත් කෙටුම්පතෙහි කාන්තා නියෝජනයක් පිළිබඳව සඳහන් වුව ද, දැනටමත් ප්‍රධාන ප්‍රඥප්තියෙහි කාන්තා නියෝජනය පිළිබඳව සඳහන් වන බැවින් ඒ පිළිබඳව වූ කොටස ඉවත් කර 25%ක සමස්ත තරුණ නියෝජනයක් පිළිබඳව අන්තර්ගත විය යුතු බවටයි කාරක සභාව විසින් අදහස් කර ඇත්තේ.

එබැවින් 160 වන පනත් කෙටුම්පතෙහි අනුග්‍රාහක මන්ත්‍රීවරයාගේ ද එකඟතාවය මත එකී පනත් කෙටුම්පත ද නැවත කෙටුම්පත් කරමින් වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස ද කාරක සභාව නිලධාරීන්ට දැනුම් දෙනු ලැබුවා.