― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට ප්‍රධාන වෙබ් අඩවි දෙකක් හැකර්වරුන්ගේ අතට යාමේ අවදානමක්

මෙරට ප්‍රධාන වෙබ් අඩවි දෙකක් හැකර්වරුන්ගේ අතට යාමේ අවදානමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවි අවහිර කර ඇති බව වාර්තා වෙයි.

නමුත් මෙම වෙබ් අඩවි දෙක අවහිර කර නොමැති අතර ඒ වෙනුවට අනතුරු ඇඟවීමක් පමණක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

FalconFeeds.io මාර්තු 02 වැනිදා නිවේදනය කර තිබුණේ ශ්‍රී ලංකාවේ වැදගත්ම වෙබ් අඩවි දෙකකට ප්‍රවේශය ඇතුළු දත්ත කෙල්වින් සිකියුරිටි නම් දත්ත නියෝජිතායතනයක් හරහා වෙන්දේසි කරන බවයි.

කෙසේ වෙතත් එම වෙබ් අඩවි අවහිර කරන බවට කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය දිනකට පෙර තොරතුරු ලබාදී තිබූ බැවින් එය නැවැත්වීමට පියවර ගෙන ඇති බව එම නිලධාරීන් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක කර්නල් නලින් හේරත් එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තම වෙබ් අඩවියට ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු අඟවා තිබියදීත් ප්‍රහාරයක් එල්ල නොවූ බවයි.

මෙම තත්ත්වය තුළ අන්තර්ජාල ප්‍රහාර කල්තියා වළක්වා ගැනීම සඳහා වඩාත් ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු කියා සිටියේ.