― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවැඩි මිලට බිත්තර අලෙවිකල වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩයක්

වැඩි මිලට බිත්තර අලෙවිකල වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩයක්

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කල හැටන් නගරයේ වෙළෙඳසැල් හිමියෙකුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙනවා.

පාරිභෝගික සේවා අධිකාරිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු අද (10) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ඔහු වරද පිළිගෙන ඇති අතර දිසාවිනිසුරු ෆාරුක් ඩින් විසින් සැකකරුට මෙලෙස රුපියල් ලක්ෂයක දඩයක් නියම කළා.

අදාල වෙළඳසැල්හිමියා රතු බිත්තරයක් රුපියල් 52කට සහ සුදු බිත්තරයක් රුපියල් 56ක මිලකට අලෙවිකරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබුණේ.