― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංගමයේ සභාපතිනිය අත්අඩංගුවට

නැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංගමයේ සභාපතිනිය අත්අඩංගුවට

නැගෙනහිර පළාතේ අතුරුදන් වූවන්ගේ සංගමයේ දෙමාපියන් හා ඥාතීන් විසින්  වව්නියාව නගරයේ පවත්වාගෙන යන කුටියකට අනවසරයෙන්  විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් එම සංගමයේ සභාපතිනිය අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිසිය පවසයි.

මෙම ස්ථානයට කලක පටන් විදුලි රැහැන් ඇද අනවසරයෙන් විදුලි ලබාගෙන ඇති බව විදුලි බලමණ්ඩලයට ලැබී තිබු පැමිණිල්ලකට අනුව කොළඹ  විදුලිබලමණ්ඩලයේ  වැටලිම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (9) වව්නියාව පොලිසිය සමග එක්ව මෙම වැටලීම සිදුකර ඇත.

විදුලි රැහැන ඇද අනවසරයෙන් විදුලි ලබාගෙන ගැනීම සම්බන්ධයෙන් එහි සභාපතිනිය අත්අඩංගුවට ගෙන වව්නියාව පොලිස් ස්ථානය වෙත  ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය නෙඩුන්කේනි පෙරියමඩු ප්‍රදේශයේ පදිංචි (54) හැවිරිදි කාන්තාවකි.  

අත්අඩංගුවට ගත් සැකකාරිය වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.