28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රකා දින 5 ක් තුළ ද අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20 ත් 25 ත් ඇතුළත ද මුද්‍රණය කර ලබා දීමට හැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මගින් අදාළ මුදල් ලබා ගන්නා ලෙස දැනුම් දුන් බවයි නිවේදනයක් නිකුත් කරමින් කොමිසම පවසන්නේ.

එමෙන්ම මුද්‍රණාලයාධිපතිනිය කරන ලද ඉල්ලීම අනුව පොලිස් ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව සහ අවශ්‍ය දින පිළිබඳ තොරතුරු පොලිස්පතිවරයා වෙත යොමු කරන ලෙස හා ඒ අනුව අවශ්‍ය ආරක්ෂාව ලබාදිය හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) විසින් දන්වා ඇති බව ද කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි ඡන්ද විමසීමට අදාළ ඉන්ධන ලබා දීමේ තීරණය විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා ඛණිජ තෙල් සංස්ථා නිලධාරීන් විසින් ඉදිරි දින කිහිපය තුළදී ලබා දීමට ද එකතාව පළ කර තිබේ.

එමෙන්ම ඡන්දයට ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් ගේ මූලික වැටුප පමණක් ඡන්දය ප්‍රමාද වන කාලය තුළ ගෙවීමට සුදුසු බව ද මැතිවරණ කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.