මහනුවර දවුලගල හන්දෙස්සේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි දවුලගල පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ හන්දෙස්ස ප්රදේශය පදිංචි (32) හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණයා ඔහුගේ සොහොයුරා ගේ නිවසට ගොස් සිටියදී, සොහොයුරාගේ නිවසේ පිරිස සහ ඒ ආසන්නයේ නිවසක පිරිසක් අතර ඇති වූ ඇතිවූ ගැටුමක් අතරතුර මෙම තරුණයා පිහි පහරකට ලක්ව තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් දෙදෙනකු මහනුවර මහ රෝහලේ ප්රතිකාර ලබමින් පසුවෙයි.