― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසබරගමු සරසවියේ වොලිබෝල් තරඟය ගැටුමකින් අවසන් වෙයි

සබරගමු සරසවියේ වොලිබෝල් තරඟය ගැටුමකින් අවසන් වෙයි

සබරගමුව විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සහ ව්‍යවහාරික පීඨයේ සිසු කණ්ඩායම් දෙකක් අතර පැවති වොලිබෝල් තරඟාවලිය අවසානයේ ඇති වූ ගැටුමකින් සිසු සිසුවියන් හත් දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.

මෙම වොලිබෝල් තරඟාවලියෙන් ව්‍යවහාරික පීඨයේ සිසුන් පරාජය ලබා කළමනාකරණ පීඨයේ සිසුන් ජයග්‍රහණය ලබා ඇත.

එම පරාජය දරාගත නොහැකි වූ බව කියන ව්‍යවහාරික පීඨයේ පළවෙනි වසරේ සිසුන් කළමනාකරණ පීඨයේ පළවෙනි වසරේ සිසුන් සමඟ ඇතිකරගත් ආරවුලක් දුරදිග ගොස් එය පහරදීමත් දක්වා දුර දිග ගොස් ඇති බව පොලිසියට දැනගැනීමට ලැබී ඇත.

මෙම ගැටුමෙන් කළමනාකරණ පීඨයේ පළවෙනි වසරේ සිසුන් තිදෙනෙක් ද ව්‍යවහාරික පීඨයේ සිසුවියන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි විශ්ව විද්‍යාල පරිපාලනය විසින් මෙම වොලිබෝල් තරඟය සංවිධානය කර තිබුණු බවද කියති .