27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලිබල මණ්ඩල සහ ඛනිජ තෙල් සංස්ථා සාමූහික ගිවිසුම්වලින් ඉවත් වෙයි

විදුලිබල මණ්ඩල සහ ඛනිජ තෙල් සංස්ථා සාමූහික ගිවිසුම්වලින් ඉවත් වෙයි

විදුලිබල මණ්ඩල සහ ඛනිජ තෙල් සංස්ථා වෘත්තිය සමිති සහ එම ආයතනවල පාලන අධිකාරිය අතර සාමූහික ගිවිසුමෙන් ඉවත්වන ලෙස එම ආයතනවලට දැනුම් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (10) පැවසීය.

සාමූහික ගිවිසුම හරහා වසර තුනකට වරක් සියයට 25 කින් වැටුප් වැඩිවීම, වාර්ෂික ප්‍රසාද දීමනා සහ සෙසු දීමනා ගෙවීම් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් තීරණ ගන්නා බව ද අමාත්‍යවරයා කීය.  

අදාල ආයතනවල බලධාරීන්ට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.