― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsදුම්රියෙන් හමුවූ බිළිඳාගේ දෙමව්පියන් හමුවෙයි

දුම්රියෙන් හමුවූ බිළිඳාගේ දෙමව්පියන් හමුවෙයි

දුම්රිය වැසිකිළියක දමා ගොස් තිබූ දින කිහිපයක් වයසැති කුඩා බිළිඳාගේ දෙමව්පියන් සොයාගෙන තිබෙනවා.

අවුරුදු 25ක සහ 26ක අවිවාහක යුවළක් වන ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (10) රාත්‍රී 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක දමා ගොස් සිටි මෙම බිළිඳා, මගියෙකු විසින් දැක දුම්රිය බලධාරීන් දැනුවත් කර තිබුණා.

අනතුරුව මෙම බිළිදාගේ මව්පියන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර ලැබුණු තොරතුරක් අනුවයි මොවුන් සොයාගෙන ඇත්තේ.

බණ්ඩාරවෙල නායබැද්ද හා කොස්ලන්ද යන ප්‍රදේශවලදී ඔවුන් හමුවී ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිසිය සඳහන් කළා.

සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරතවී ඇති අතර තරුණියට දරුවෙකු ලැබීමට සිටින බවට තොරතුරු හෙළිවීමෙන් පසු ඇය සමග කොළඹ ප්‍රදේශයේ නතර වී ඇති බවටයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.