විදේශ අමාත්‍ය අලි සබ්රි ලන්ඩන් බලා පිටත්ව යාමට නියමිතය.
ඒ පොදුරාජ්‍ය මණ්ඩලීය දින සැමරුම් උළෙල සඳහා සහභාගී වීමටයි.
මෙම සැමරුම් උළෙල අද (13) ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පැවැත්වීමට නියමිතය.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා මාර්තු 15 වැනිදා ලන්ඩනයේ මාල්බරෝ හවුස්හි පොදුරාජ්‍ය මණ්ඩලීය මූලස්ථානයේදී 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීමට නියමිතය.