23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහින්දානන්දව ගුවන්තොටුපොළෙන් හරවා යැවීම ගැන විශේෂ නිවේදනයක්

මහින්දානන්දව ගුවන්තොටුපොළෙන් හරවා යැවීම ගැන විශේෂ නිවේදනයක්

විදෙස් සංචාරයක් සඳහා පිටව යාමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ නැවත හරවා යැවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවනිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මන්ත්‍රීවරයාගේ ගමන් බලපත්‍ර දත්තවලට අදාළව වෙනත් අයෙකුගේ දත්ත ඇතුළත්ව තිබීම හේතුවෙන් එම තත්ත්වය හටගෙන ඇති බවයි.

ඒ අනුව අදාළ තොරතුරු පද්ධතියට ඇතුළත් කළ නිලධාරිනියගේ සේවය මේ වන විට අත්හිටුවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.