ඇති දැඩි කිරීමට නොහැකි අලුත උපන් දරුවන් රැකබලාගැනීම සඳහා දරුවන්ට ආරක්ෂිත මධ්‍යස්ථානයක් සකස් කිරීම සඳහා කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ පැවසුවාය.
අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය කියා සිටියේ අදාළ මධ්‍යස්ථානය කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
අදාළ මධ්‍යස්ථානය හරහා අලුත උපන් දරුවන් රැකබලාගැනීම සඳහා කටයුතු සකස්කරන බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ.