― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගුවන් හමුදා සෙබළෙක් ජීවිතය හැර යයි

ගුවන් හමුදා සෙබළෙක් ජීවිතය හැර යයි

ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් ගිරිගෝරිස් පාලම ආසන්නයේ ගැඩුම ගසක ගෙළ වැළලා ගැනීමකින් ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන ගලෙන්බිඳුණුවැව හුරුළුනිකවැව ප්‍රදේශයේ පදිංචි ධර්මකීර්ති දේවගේ කැලුම් සංජීව කුමාර නමැති වයස අවුරුදු 33 ක දෙදරු පියෙකි.

මියගිය පුද්ගලයා 2023.03.11 වන දින සති අන්ත නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර ඊයේ රාත්‍රී ආහාර ගෙන නැවත රාත්‍රී 9.30 ට පමණ තමන්ගේ බිරිදට මිතුරෙකු හමුවීමට යන බව පවසා නිවසෙන් බැහැරව ගොස් තිබෙනවා. පසුව ඊයේ රාත්‍රීයේ සිට මෙම පුද්ගලයා නිවසට නොපැමිණීම හේතුවෙන් පැමිණිල්ලක් සිදුකිරීම සදහා මිය ගිය පුද්ගලයාගේ බිරිඳ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයට ගොස් ඇති අතර එම අවස්ථාවේදී තම ස්වාමියා මෙලෙස සියදිවි හානි කරගැනීමකින් මියගොස් ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දේහය මේවන විට අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් සිදුකරනු ලබනවා.