― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජනපති ෂී ජින් පින්ට සුබපතයි

ජනපති ෂී ජින් පින්ට සුබපතයි

තුන්වන ධුර කාලය සඳහාද තේරී පත්වූ චීන ජනාධිපති ෂී ජින් පින් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක්කර තිබේ.

අදාළ සුබපැතුම් පණිවුඩය මගින් ජනාධිපතිවරයා විසින් චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ නායකත්වය යටතේ චීනයේ ප්‍රගතිය අගය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එසේම ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග හමුවේ විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ ක්‍රියාවලියේදී චීනය දක්වන සහයෝගයද එහිදී ජනාධිපතිවරයා විසින් අගය කර ඇත.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ දෙරටේ සහයෝගීතාව චීන ජනාධිපතිවරයාගේ නව ධුරකාලය තුළ තව දුරටත් ශක්තිමත්ව වර්ධනය වනු ඇති බවට විශ්වාසය පළකරන බවය.