27.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපළමු බිත්තර තොගය මේ සතියේදී ?

පළමු බිත්තර තොගය මේ සතියේදී ?

පළමු බිත්තර තොගය මේ සතියේදී ආනයනය කිරීමට හැකිවෙනු ඇතැයි වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එළඹෙන උත්සව සමය ආශ්‍රිතව වෙළෙඳපොළ බිත්තර හිගයක් හා බිත්තර මිළ ගණන් සීග්‍ර ලෙස ඉහළ යාමක් සිදු වන බවට කල්තියාම දැනගත් නිසාවෙන් බිත්තර සඳහා පාලන මිලක් මගින් මිල පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත් බව ඔහු පැවසුවා.

බිත්තර ආනයන කිර්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ දැනට පවතින ඉහළම් නිර්දේශයන් ඉල්ලා සිටින අතර ලෝකයේ බොහෝ රටවලට බිත්තර අපනයන කරන රාජ්‍යයක් වන ඉන්දියාවේ එම නිර්දේශ සම්පූර්ණ කර ඇත්තේ බිත්තර අපනයන සමාගම් තුනක් පමණක් බවද, ඒ අනුව මේ සතිය තුළදී පළමු බිත්තර තොගය ආනයනය කිරීමට හැකිවනු ඇතැයිද ඔහු පැවැසීය.

කර්මාන්ත සඳහා බිත්තර අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා බිත්තර පවුඩර් හා පාස්චරිත කරන ලද දියර බිත්තර ආනයනය කිරීමටද අවසර ලබා දීමට සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.