27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට වැඩ වර්ජනයට පෞද්ගලික බස් නෑ

හෙට වැඩ වර්ජනයට පෞද්ගලික බස් නෑ

හෙට (15) දිනයේ සිදුකිරීමට නියමිත වැඩ වර්ජනයට පෞද්ගලික බස් රථ කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

මේ හේතුවෙන් හෙට දිනයේදී මහජනතාවගේ ගමනාගමන කටයුතුවලට කිසිදු බාධාවක් එල්ල නොවන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.

එම සේවා පවත්වාගෙන යාමට බස්රථ ප්‍රමාණවත් නොමැති නම් අතිරේක බස් රථ යෙදවීමට පියවර ගන්නා බවත් වර්ජනයේ නිරත පිරිසට වැටුප් හිමි වුවත් පෞද්ගලික බස් රථ වර්ජනය කළහොත් එම සේවකයන්ට කුසගින්නේ සිටීමට සිදුවන බැවින් එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය දක්වා අඛණ්ඩව බස් රථ සේවාවන් යෙදවීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.