― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබුදු පිළිමයක වස් ඇරීමට කන්‍යා තරුණියක් ගෙන්වා පූජාවක් කරලා

බුදු පිළිමයක වස් ඇරීමට කන්‍යා තරුණියක් ගෙන්වා පූජාවක් කරලා

බිබිල, වෑගම ප්‍රදේශයේ නිවසකට හොර රහසේ ගෙන ආ මිල කළ නොහැකි බුදු පිළිමයක වස් ඇරීමට යැයි පවසමින් කන්‍යා තරුණියක් කැඳවාගෙන පූජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ (13) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පෞරාණික මිල කළ නොහැකි බුදු පිළිමයේ වස් ඇරීම සඳහා යාගයක් පැවැත්වීමට අවුරුදු 18ක් වයසැති කන්‍යා තරුණියක බිබිලවත්ත ප්‍රදේශයෙන් ඔවුන් විසින් මෙලෙස කැඳවාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් සිව්දෙනා මීට පෙර අවස්ථාවකදීත් මෙම තරුණිය මෙම නිවසටම කැඳවාගෙන විත් මැණික් ගලක වස් ඇරීමට යැයි කියමින් යාගයක් පවත්වා ඇති බවට පොලිසිය විසින් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

එහිදී එම තරුණියට රුපියල් 25,000ක මුදලක් ද සැකකරුවන් විසින් ලබා දී ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ. පොලිසියට ලද තොරතුරක් මත ඊයේ මොවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.

බිබිල, වෑගම ප්‍රදේශයේ පදිංචි කපුවෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් පූජාව පවත්වමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (14) දිනයේ බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

එහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 28 දින දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.