― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනැති වූ ස්මාර්ට් ජංගම දුරකතනය සොයාගැනීමට අලුත් ක්‍රමයක්

නැති වූ ස්මාර්ට් ජංගම දුරකතනය සොයාගැනීමට අලුත් ක්‍රමයක්

මේ වසරේ පළමු මාස දෙකක කාලය තුළ මෙරට තුළ ස්මාර්ට් ජංගම දුරකතන අටදහස් හාරසිය විසි දෙකක් නැතිවී තිබෙන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

2018 දෙසැම්බර් 31 වැනිදා සිට අස්ථානගත වූ දුරකතන යළි සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මගින් මාර්ගගත ක්‍රමයක් හදුන්වාදී ඇත.

එම ක්‍රමවේදය ඔස්සේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යොමුව ඇති සමස්ත පැමණිලි ගණන එක්ලක්ෂ තිස්හතර දහස් හාරසිය පනස් එකකි.

2019 වසරේදී දුරකතන හතලිස් දහස් එකසිය හැට හතකුත්, 2020 වසරේදී දුරකතන දොළොස්දහස් පන්සිය හැටහතකුත්, 2021 වසරේදී දුරකතන විසිහත් දහස් නවසිය තිස් තුනකුත් සොරකම් වලට සහ නැතිවීමට ලක්ව තිබේ.

කෙසේ වෙතත් නැතිවූ දුරකතන සොයා දීම පිළීබද වාර්තා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නොමැති බවත් ඒ දුරකතන පිළිබද වාර්තා පැමිණිලි යොමුවන පොලිස් ස්ථාන වෙතම යොමුකරන බව ශ්‍රීලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මහජන පැමිණිලි අධ්‍යක්ෂිකා මේනකා පතිරණ පැවසුවාය.