ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ශ්රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ට විවෘත ලිපියක් යවා තිබෙනවා.
ඕනෑම ණයහිමියෙකු සමඟ එකඟ වූ ඕනෑම ණය ප්රතිකාර කොන්දේසි මත විනිවිදභාවය සහතික කෙරෙන අතර එම ණයහිමියා IMF සහාය දක්වන වැඩසටහනට අනුකූලව ණය ප්රතිකාර සැලැස්මකට එකඟ වන්නේ නමි මිස කිසිදු ණයහිමියෙකුට ණය සේවා නැවත ආරම්භ නොකරන බවයි අදාල ලිපිය මගින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
එම ලිපිය තුළින් සියලුම බාහිර ණය හිමියන්ට සංසන්දනාත්මක සැලකිල්ලක් දැක්විම සඳහා ශ්රී ලංකාවේ කැපවීම ද ජනාධිපතිතුමා යළි අවධාරණය කරනවා.