― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsසැමියා සමඟ බහින්බස් වූ කාන්තාවක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට

සැමියා සමඟ බහින්බස් වූ කාන්තාවක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට

පිළියන්දල සුවාරපොළ නිවසක් තුළ දෙඅත් රෙදි පටියකින් ගැටගසා තිබූ කාන්තාවකගේ මළ සිරුරක් හමු වී තිබේ.

පොලීසිය පවසන්නේ ඇයගේ සිරුර නිවසේ එල්ලෙමින් තිබියදී සොයාගත් බවයි.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි විවාහක කාන්තාවක් බවයි අනාවරණය වී ඇත්තේ.

මියගිය කාන්තාව මීට දින කිහිපයකට ඉහතදී සැමියා සමඟ අමනාප වී මවගේ නිවසට පැමිණ සිටියදී මෙලෙස සැකකටයුතු ලෙස මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.