― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතොරතුරු තාක්ෂණය සඳහා වෙනම විශ්වවිද්‍යාලයක්

තොරතුරු තාක්ෂණය සඳහා වෙනම විශ්වවිද්‍යාලයක්

උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා පරිගණක හා තොරතුරු තාක්ෂණය සඳහා වෙනම විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම වැදගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යෝජනා කර තිබේ.

මහාචාර්යයවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේදීය.

රජයේ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි ඔහු එහිදී සඳහන් කළේ.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකිරීමට නියමිත වෙනස්කම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශද එම කමිටුවට ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.