26.1 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුදුවෙන්න ක්‍රීම් ගන්න ණය කාඩ්පත් සොරාගත් අයෙක් අත්අඩංගුවට

සුදුවෙන්න ක්‍රීම් ගන්න ණය කාඩ්පත් සොරාගත් අයෙක් අත්අඩංගුවට

වරලත් ගණකාධිකාරිවරයකුගේ ණයකාඩ් පත සොරාගෙන ඉන් රුපියල් 20,000ක සුදුවෙන්න ක්‍රීම් මිලදී ගත් බව කියන සිංහල ක්‍රීඩා සමාජ මත්පැන් අලෙවිසැලේ (SSC ක්ලබ්) වේටර්වරයකු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (15) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සිංහල ක්‍රීඩා සමාජ මත්පැන් අලෙවි සැලේ (SSC ක්ලබ්) වේටර්වරයකු ලෙස සේවය කරන ජා ඇල පදිංචි කලුදේවගේ දිනේෂ් උදයකුමාර සිල්වා නැමැත්තාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ වරලත් ගණකාධිකාරිවරයකු වන රනිල් විජේසිංහ මහතා විසින් ඉකුත් 26 වැනිදාය.

තමන් ඉකුත් පෙබරවාරි මස 26 වැනිදා සිංහල ක්‍රීඩා සමාජ මත්පැන් අලෙවිසැලට ගොස් මත්පැන් මිලදී ගත් බවත් එහිදී ගනුදෙනු කළ ණය කාඩ්පත අමතකව ගොස් එය අස්ථාන ගතවූ බවත් පැමිණීල්ල සදහන් කර ඇතැයි කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන අධිකරණය විසින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඔහුට එරෙහි චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙසට කුරුදුවත්ත පොලීසියට නියෝග කළේය.