29.5 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅප්‍රේල් 25ත් ඡන්දේ නොපැවැත්වෙන බව ඉතාම පැහැදිලියි - පැෆරල් සංවිධානය

අප්‍රේල් 25ත් ඡන්දේ නොපැවැත්වෙන බව ඉතාම පැහැදිලියි – පැෆරල් සංවිධානය

එළඹෙන අප්‍රේල් 25 වෙනිදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බව සක්සුදක් සේ පැහැදිලි යැයි පැෆරල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

මැතිවරණය කල් දැමීම සඳහා විවිධ හේතු ඉදිරිපත් කළ ආණ්ඩුව අවසානයේ අධිකරණ තීන්දුවට අවනත වනු ඇතැයි තමන් විශ්වාස කළ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ වන විට අධිකරණ තීන්දුව නොතකා හරිමින් එය විවේචනය කරමින් ඉතාම කනගාටු තත්ත්වයකට පත්ව ඇතැයි ද රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරනවා.

මේ ආකාරයට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පැහැර හැරීම එම ජනතාව වෙනත් මාර්ග වෙත ඇද දැමීමක් බවට ද ඔහු චෝදනා කළේය.