― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැඩ වර්ජනය කර නාන්න ගිය තරුණයෙකු ජීවිතක්ෂයට

වැඩ වර්ජනය කර නාන්න ගිය තරුණයෙකු ජීවිතක්ෂයට

පැල්මඩුල්ල මරක්කල ඇල්ලෙහි දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පැල්මඩුල්ල ගොවිජන සේවා කාර්යාලයේ කෘෂිකර්ම හා පර්යේෂණ නිෂ්පාදන අංශයේ සේවය කළ නිලධාරියෙක්.

ඔවුන් අද දිනයේ පැවති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අසනීප නිවාඩු වාර්තා කර මරක්කල ඇල්ලෙහි දිය නෑමට ගොස් ඇතැයි සඳහන්.

අසනීප නිවාඩු දැමූ නිලධාරීන් 20 දෙනෙකු පමණ මෙම ගමනට එක්වී ඇති අතර ඔවුන් දිය නාමින් සිටියදී එක් අයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

එහි සිටි අනෙක් පිරිස මේ සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසියට දැනුම්දී තිබූ අතර වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

ඔහුගේ සිරුර සොයා ගන්නා අවස්ථාව වන විටත් මියගොස් සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරන අතර මියගිය තරුණයාගේ මෘත ශරීරය කහවත්ත රෝහලේ තැන්පත් කර තිබෙනවා.