26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩ වර්ජනය අද උදෑසන 08න් අවසන්

වැඩ වර්ජනය අද උදෑසන 08න් අවසන්

සෞඛ්‍ය, අධ්‍යාපන, වරාය, විදුලිබල, ජල සම්පාදන, තැපැල් සහ බැංකු වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද පෙරවරු 8ට අවසන් කෙරෙනවා.

ජනාධිපතිවරයා සමග පැවැති එකඟතාවයක් හේතුවෙනුයි අද පෙරවරු 8ට වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් පියවර ගෙන ඇත්තේ. රජයේ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතා ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවා.

ගුරු විදුහල්පති සංගම් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් පාසැල් පද්ධතියට ද බලපෑම් එල්ල වුණා. කෙසේවෙතත් අද දිනයේ ගුරු – විදුහල්පතිවරුන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ.

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ද වර්ජනයට එක්වීම හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට ද බාධා එල්ලවුණා.

එහෙත් ඊයේ පෙරවරුවේ මෙන්ම පස්වරුවේ ද සියලු දුම්රිය මාර්ග ආවරණය වන පරිදි කොළඹ කොටුවේ සිට දුම්රිය ගමන්වාර 10 ක් ක්‍රියාත්මක කළ බවයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ පැවසුවේ.