24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ කැරලි මර්දනයට පොලීසිය රට වටෙන්ම උපකරණ ඉල්ලයි

කොළඹ කැරලි මර්දනයට පොලීසිය රට වටෙන්ම උපකරණ ඉල්ලයි

රටේ පවතින වර්තමාන වාතාවරණය මත බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන උද්ඝෝෂණ මැඩපැවැත්වීම සදහා කැරලි මර්දන උපකරණ ලබා දෙන ලෙසට ඉල්ලා පොලිස් මුලස්ථානය දිවයිනේ පොලිස් කොට්ඨාස 12 ක් වෙත විශේෂ දැනුම්දීමක් කර ඇති බව වාර්තා වෙයි.

ගෑස් මුහුණු ආවරණ, කැරලි පලිහ, ආරක්ෂක හිස් වැසුම්, රබර් මුගුරු ආදිය ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්තගේ අත්සනිනි යුතු මෙම ලිපිය පොලිස් කොට්ඨාස වෙත යොමු කර තිබේ.

අනුරාධපුරය, මඩකලපුව, ඇල්පිටිය, කුරුණෑගල, මාතලේ, පොළොන්නරුව, තංගල්ල, මහනුවර, කන්තලේ, නුවරඑළිය, පුත්තලම, ත්‍රිකුණාමලය යන පොලිස් කොට්ඨාසවලින් මෙම ඉල්ලීම කර ඇති බවයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසන්නේ.