― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsQR ක්‍රමය ක්‍රියාත්මක කිරීම නිෂ්ඵලයි - අජිත් නිවාඩ් කබ්රාල්

QR ක්‍රමය ක්‍රියාත්මක කිරීම නිෂ්ඵලයි – අජිත් නිවාඩ් කබ්රාල්

2022 ජනවාරි සිට 2023 ජනවාරි දක්වා කාලය තුළ ඉන්ධන පරිභෝජනයේ තියුණු පහත වැටීමක් තිබේ.

මෙය දැඩි ආර්ථික හැකිලීමක් පිළිබිඹු කරන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. මේ හේතුවෙන් ජාතික ඉන්ධන කාඩ්පතක් වන QR කේත පද්ධතිය හරහා ලබාදෙන ඉන්ධන පවා මිලදී ගැනීමට ජනතාවට නොහැකි වී තිබේ.

එබැවින් ඉන්ධන QR පද්ධතිය තවදුරටත් ක්‍රියාත්මක කිරීම නිෂ්ඵල බව ඔහු සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.

මෙම කාලය තුළ ඩීසල් භාවිතය 54% කින් ද පෙට්‍රල් භාවිතය 35% කින් ද භූමිතෙල් භාවිතය 75% කින් ද අඩු වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.