27.2 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලිස්ටීරියා රෝගය වැළඳුනු එක් රෝගියෙක් හමුවෙයි

ලිස්ටීරියා රෝගය වැළඳුනු එක් රෝගියෙක් හමුවෙයි

මෙරටින් ලිස්ටීරියා රෝගය වැළඳුනු එක් රෝගියෙකු පමණක් හඳුනාගෙන ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය කැඳවුම්කරු වෛද්‍ය නවීන් ද සොයිසා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ මෙම රෝගීන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන ඇතැම් කරුණු නිවැරදි නොවන බවයි.

ලිස්ටීරියා වැළඳී රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇති බවට වාර්තා පළකර තිබුණද එම රෝගීන් ලිස්ටීරියා රෝගයට ගොදුරුවී ඇති බවට අනාවරණය වී නොමැති බවද වෛද්‍ය සොයිසා පැවසුවා.

මේ අතර අදාළ සිදුවීම පිළිබඳව වාර්තා වන ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතවද මේ පිළිබදව විශේෂ සොයා බැලීමක් ක්‍රියාත්මක වන බව වෛද්‍ය නවීන් ද සොයිසා පැවසුවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ආහාර හරහා මෙම ලිස්ටීරියා රෝගය වැළඳිය හැකි බැවින් රෝග ලක්ෂණ ලෙස පාචන තත්වය, බඩේ අමාරුව, උණ ගතිය ඇතිවිය හැකි බවයි.