27.2 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News13 හැවිරිදි සිසුවිය 32 හැවිරිදි පෙම්වතා සමඟ පෙම් සුව විඳින්න කැලෑ වැදිලා

13 හැවිරිදි සිසුවිය 32 හැවිරිදි පෙම්වතා සමඟ පෙම් සුව විඳින්න කැලෑ වැදිලා

පුත්තලම – වීරපුර ප්‍රදේශයේ කැලෑවක් තුළ පෙම් සුව විදිමින් සිටි වයස අවුරුදු 13ක පාසල් සිසුවියක් සහ 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සාලියවැව පොලීසිය සඳහන් කරනවා.

මෙම පුද්ගලයා සහ පාසල් සිසුවිය ඊයේ (16) සවස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පාසල් නිල ඇඳුමෙන් සැරසුණු දැරියක් පිරිමි පුද්ගලයෙකු සමඟ කැලෑවේ සිටින බවට ලැබුණු තොරතුරක් අනුව සිදුකරන ලද පරීක්ෂණයක දී මොවුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ගිරිබාව – සෝලේවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගෙන ඇති අතර, පාසල් සිසුවිය රාජංගනය ප්‍රදේශයේ ජාතික පාසලක 07 වන වසරේ ඉගෙනුම ලබන බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු සහ පාසල් සිසුවිය අතර කාලයක පටන් ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති බවත්, පාසල නිම වීමෙන් පසුව ඇය පෙම්වතා සමඟ කැලෑවට පැමිණ ඇති බව ද විමර්ශණවලදී හෙළිව තිබෙනවා.

පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉරිපත් කිරීමට නියමිතයි.