26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාන්තාවන් තිදෙනෙකුගේ දිවි තොර කළ සැකකරුවෙකු අල්ලයි

කාන්තාවන් තිදෙනෙකුගේ දිවි තොර කළ සැකකරුවෙකු අල්ලයි

ගෙල සිරකර කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

එම සැකකරු පසුගිය වසරේ නොවැම්බර් 02 වැනිදා ඉත්තෑපාන ප්‍රදේශයේදී ගෙල සිරකර කාන්තාවක් ඝාතනය කර දේපොළ කොල්ල කා ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුගිය මස පළමුවැනිදා ඇල්පිටිය ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුගේ ගෙල සිරකර ඝාතනය කර දේපොළ කොල්ලකෑමේ සිද්ධියට ද මෙම සැකකරු සම්බන්ධ බව පොලිසිය සඳහන් කළේ ය. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යගිරල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සොරා ගන්නා ලද භාණ්ඩ පොලිසිය භාරයට ගෙන තිබේ.