― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඋඩරට මැණිකේ නතර කරන්න හැදූ පුද්ගලයෙකුට බරපතල තුවාල

උඩරට මැණිකේ නතර කරන්න හැදූ පුද්ගලයෙකුට බරපතල තුවාල

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය නතර කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු එම දුම්රියේ ගැටී බරපතල තුවාල ලබා තිබෙනවා.

ඔහු ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කළේ.

අද පස්වරු 1ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර, හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ දීයි.

මීට දින 4කට පමණ පෙර නිවසේ ඇති වූ බව කියන ආරවුලක් හේතුවෙන් මෙම පුද්ගලයා අධික ලෙස බීමත්ව දුම්රිය මාර්ගයේ මැදට පැමිණ ධාවනය වෙමින් තිබු දුම්රිය නතර කිරීමට උත්සහ කර ඇතැයි සඳහන්.

එහිදී අවස්ථාවේ 41 හැවිරිදි මෙම පුද්ගලයා දුම්රියේ ගැටී විසි වී ගොස් බරපතල තුවාල ලබා ඇති අතර ඔහු, එම දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් භාර දීමට දුම්රියේ ආරක්ෂක නිලධාරින් පියවර ගෙන තිබුණා.

දුම්රියේ ගැටී තුවාල ලැබූ පුද්ගලයා හැටන් දික්ඔය ප්‍රදේශයේ වතුයායක පදිංචිකරුවෙකු බවයි හැටන් පොලිසිය කළ මූලික පරීක්ෂණවලදි අනාවරණය වී ඇත්තේ.