― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසාදයකදී ඇති වූ ගුටිබැට හුවමාරුවෙන් තරුණයෙක්ට දිවි අහිමි වෙයි

සාදයකදී ඇති වූ ගුටිබැට හුවමාරුවෙන් තරුණයෙක්ට දිවි අහිමි වෙයි

අවුරුදු 25ක් පමණ වන අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති තරුණයෙක් කොළඹ වරාය නගර පරිශ්‍රයේ පැවති සාදයක් අතරතුර හටගත් ගැටුමකින් මියගොස් ඇති බව පොලීසිය සදහන් කරනවා.

වරාය නගර පරිශ්‍රයේ ඊයේ (17) රාත්‍රියේ පිරිසක් එක්වී සංවිධානය කර තිබූ සාදයක් අතරතුර සිදුවූ පහරදීමකින් එම තරුණයා තුවාල ලබා ඇති බව සඳහන් විය.

අද (18) අලුයම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.