― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරිය අනතුරකින් පියා සහ පුත්‍රයා ජීවිතක්ෂයට

රිය අනතුරකින් පියා සහ පුත්‍රයා ජීවිතක්ෂයට

සීදුව පඤ්ඤානන්ද විද්‍යාලය ආසන්නයේදී සිදුවූ අනතුරකින් පාපැදියක ගිය පුද්ගලයෙකු සහ ඔහුගේ කුඩා දරුවා ජීවිතක්ෂයට පත්වි තිබෙනවා.

ඊයේ රාත්‍රී සීදූව කොටුගොඩ මාර්ගයේදී සීදූව දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි පාපැදයක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ පිය පුතු දෙදෙනා සීදූව විජය කුමාරතුංග රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

සීදූව රද්දොලුව ප්‍රදේශයේ පදිංචි ඔවුන් දෙදෙනා අවුරුදු 45 සහ 14 වයස්වල පසු වනවා.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර සීදූව පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.