― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් විදේශ රටවලට යැවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි

නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් විදේශ රටවලට යැවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි

මෙරට පුරවැසියන් විදේශ රැකියා සදහා යොමු කිරීමේදී නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට ඔවුන් පුහුණු ශ්‍රමිකයන් බවට පත් කර රැකියා සදහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය මගින් සැලසුම් කර ඇති බව එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.

සහජ දක්ෂතා ඇති පෙදරේරුවන්, වෑල්ඩින් ශිල්පීන්, මේසෙන්වරුන් වැනි විවිධ වෘත්තීන්වල නියැලෙන ශිල්පීන් රැසක් ලංකාවේ සිටියත් ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් පිලිගන්නා සහතික පත් නොමැති නිසා විදෙස්ගත වීමේදී නුපුහුණු ශ්‍රමිකයන් ලෙස රැකියා සදහා යොමු වීමට සිදු වේ. ඉදිරියේදී එම තත්වය මග හැරවීම සදහා ඔවුන්ට කෙටි කාලීන පුහුණුවක් ලබාදී ජාත්‍යන්තර වශයෙන් පිලිගන්නා සහතික පත්‍රයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ සදහා අධ්‍යාපන අමාත්‍යංශය,ජාතික ආධුනිකත්වය මණ්ඩලය, කෘෂිකර්ම අමාතංශ්‍ය සහ සංචාරක මණ්ඩලය වැනි ආයතන හරහා එම සහතික ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව පැවසුවේය.

එමෙන්ම ප්‍රාදේශීය මට්ටමින් සිටින පෙදරේරුවන්, වෑල්ඩින් ශිල්පීන්, මේසෙන්වරුන් වැනි විවිධ වෘත්තීන්වල නියැලෙන ශිල්පීන් ඇතුලත් දත්ත පද්ධතියක් සකස් කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ සදහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සිටින විදේශ රැකියා ප්‍රවර්ධන නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා බවද පැවසුවේය.

ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම ක්‍රමයක් වශයෙන් විදෙස්ගත ශ්‍රමිකයන් හැදින්විය හැකි බව පැවසූ අමාත්‍යවරයා ඒ අතරින් වැඩිම පිරිසක් අයත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයට බව කීවේය. දෙවැනි ස්ථානය කුරුණෑගලට හිමි වන බව පැවසූ අමාත්‍යවරයා වැඩිම පිරිසක් ශ්‍රමිකයන් ලෙස විදෙස්ගත වන අනුපිළිවෙළ අනුව මහනුවරට තුන්වැනි ස්ථානය හිමි වන බවද පැවසුවේය.

මෙම ශ්‍රමිකයන්ට පිළිගත් සහතික පත්‍ර ලබා දීමේ වැඩසටහනින් පසු අභිමානයෙන් යුක්තව විදේශ රටවලට සේවයට එක්වීමට ලාංකියන්ට හැකියාව ලැබෙනු ඇති බව කී අමාත්‍යවරයා විදෙස්ගත වන ශ්‍රමිකයන්ට රැකියාවට ගිය පසු ඒ සදහා වැය වන මුදල කොටස් වශයෙන් ගෙවීමට හැකි ක්‍රමයක් සකස් කිරීමටද කටයුතු සකස් කරමින් පවතින බව පැවසුවේය.